Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට රු. මි 430ක්

පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට රු. මි 430ක්

පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට රු. මි 430ක්

ඉදිරි මහ කන්නයේ දී මෙරට පුරන් කුඹුරු යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම මුදල යොදා 2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. නැවත වගා කළ හැකි එහෙත් අවුරුදු පහකට ආසන්න කාලයක් වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000කි. තවත් අක්කර 50,000ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවත වගාව සඳහා යොදා ගැනීමට නොහැකි බව අමාත්‍යාංශය පවසයි.

වසරින් වසර රජයේ මුදල් යොදා පුරන් කුඹුරු අක්කර 47,000ම යළි වගා කිරීම ඉලක්කය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

පුරන් කුඹුරු වගා කිරීමේ කටයුතු රැකියා විරහිත තරුණ ප්‍රජාවට පැවරීමටත්, ඔවුන්ට තමන් කැමැති සුදුසු බෝගයක් වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ප්‍රතිපාදන හා වගාවට අවශ්‍ය බීජ හා අනෙකුත් යෙදවුම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නොමිලයේ සපයන බව අමාත්‍යාංශය පවසයි.

Exit mobile version