Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍යයි – ලංකාව ගැන IMF අධ්‍යක්ෂිකා

ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි - (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා

ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි - (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන පොදු රාමුවෙන් ආවරණය වන රටවල් මෙන්ම පොදු රාමුවෙන් ආවරණය නොවන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ බැංගලෝර් නුවර (25) පැවති ජී20 සමුළුවේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී ජෝර්ජිවා මහත්මිය මේ බව පවසා තිබේ.

ලෝකයේ දුප්පත් රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුව ඇති ණය අවදානම පිළිබඳ සංවාදය සහ එය විසඳීම සඳහා ලැබෙන සහයෝගීතාවය තවත් වැඩි දියුණු විය යුතු බව ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී ඇත.

නව ගෝලීය ස්වෛරී ණය වටමේසයේ අරමුණද මෙය බව ඇය සඳහන් කර ඇත.

ලෝකයේ ඇතැම් රටවල මතුවෙමින් පවතින ණය ගැටළුව මධ්‍යයේ ණය සහන ක්‍රියාවලිය කාර්යක්ෂම මෙන්ම වේගවත් විය යුතු බවත් එය වැඩි දියුණු විය යුතු බවත් ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී තිබේ.

Exit mobile version