Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිඟ බිල්පත්වලින් 53%ක් ගෙවා දැමීමට කටයුතු කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය

බදු අංකය අනිවාර්ය වුවද , 50,000 දඩය මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය

බදු අංකය අනිවාර්ය වුවද , 50,000 දඩය මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ - මුදල් රාජ්‍ය අමාත්‍ය

නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 5ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ 8%ක ඍණ ආර්ථිකයක් පැවැති වටපිටාවක අත පැවැති බිලපත්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකි වීම ධනාත්මක කරුණක් බවයි.

2022 අගෝස්තු මස 31 වැනිදා වන විට රජය විසින් ගෙවා දැමීමට සඳහා අත පැවැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 360කි. 2023 වසරේ ජනවාරි 31 වන විට ගෙවා දමා ඇති සමස්ත බිල්වල වටිනාක රුපියල් බිලියන 191කි.

ගෙවා දැමීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 169කි. ඉන් බිලියන 100ක් පුනරාවර්තන වියදම් වන අතර 69ක් ප්‍රාග්ධන වියදම් වේ. ඉන් බිලියන 53ක්ම ජනවාරි මාසය තුළ ලැබුණ ඒවා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ගෙවා දැමීමට ඇති පුනරාවර්තන වියදම්වලින් බිලියන 18.9ක් සෞඛ්‍ය සහ ඖෂධ සඳහාද, විශ්‍රාම හා පාරිතෝශික සඳහා බිලියන 19.3%ක්, පොහොර සහ රසායනික සැපයුම් සඳහා බිලියන 12ක් වන අතර ඒවා ප්‍රමුඛතා අනුව ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Exit mobile version