Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි – මහින්ද දේශප්‍රිය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

දැන් ඉතිරි වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ මරණ සහතිකය ලිවීම පමණක් යැයිද ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් වනු ඇතැයිද සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගාල්ලේදී (22) පැවසීය.

මැතිවරණ කොමිසමෙන් බැහැර කරුණු ඊට හේතුවී යැයිද ඊට වගකිවයුත්තේ කවුදැයි කිව නොහැකි යැයිද දේශප්‍රිය මහතා කීය.

එසේම, සීමා නිර්ණය පිළිබඳ අවසන් වාර්තාව මාර්තු මස විසිපස් වන දින හෝ එයට ආසන්න දිනයකදී ලබා දීමට බලාපොරොත්තු වන්නේ යැයිද ඔහු කීය.

සීමා නිර්ණය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ මතු වී තිබූ යම් යම් ගැටලු පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ ඒ මහතා මේ බව පැවසීය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වයන් පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සභාපතිවරයා “දැන් ඒ මැතිවරණය ඉවර අතර ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණක් බවත් ඒ පිළිබඳ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරනු ඇතැයි තමන් සිතන බවත්” පැවසීය.

මෙම තත්ත්වයට හේතුවූ කරුණු රටම දන්නා බවත් මැතිවරණය කොමිසමෙන් බැහැරවූ කරුණු මත මේ තත්ත්වය උදාවූ බවත් මේවාට වගකිව යුත්තේ කවුරුන් දැයි තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත් කීය.

“ඔබ මෙම කොමිසමේ සභාපති ලෙස හිටිය නම් ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි?” ඇසූ පැනයට පිළිතුරු දුන් ඒ මහතා, “මෙම කොමිසමේ මම හිටියා නම් එතකොට බැට් කරන්න ඕන මම. දැන් මම බැට් කරන්නේ නැතුව එළියෙ ඉන්න වෙලාවක මට කියන්න බෑ මම කොහොමද ගහන්නේ කියල. එතකොට විකට් එකේ ඉන්න එක්කෙනා තමයි වැටෙන බෝලවලට බැට් කරන්නෙ කොහොමද කියල දන්නේ,” යැයි පැවසීය.

Exit mobile version