Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොමිලේ නිකුත් කරන ඖෂධය ලබාදීමට රුපියල් 20,000/- ඉල්ලලා – මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධවේදියා

නොමිලේ නිකුත් කරන ඖෂධය ලබාදීමට රුපියල් 20,000/- ඉල්ලලා

නොමිලේ නිකුත් කරන ඖෂධය ලබාදීමට රුපියල් 20,000/- ඉල්ලලා

මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා (16) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35/3, දෙවන මාවත, අඹගහ පුර, මහරගම පදිංචි අපේක්ෂා රෝහලේ ඖෂධවේදී මිස්සක උදයංග කන්දමුල්ලගේ නමැත්තාය.

ගැබ්ගෙල පිළිකාව සදහා ලබා දෙන කාබෝෆැටීන් නැමැති ඖෂධය පිළිකා රෝහලේ නොමැති බවත් එම ඖෂධය මෙම සැකකරුගෙන් ලබාගැනීමට හැකියාවක් ඇති බවත් රෝහලේ කිසියම් තැනැත්තෙකු ප්‍රකාශ කර තිබූ බවත් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සිදුකළ පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පැමිණිලිකරු සැකකරුගෙන් මහරගම ප්‍රදේශයේ දී එම ඖෂධය ලබාගන්නා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ උපාය දූතයෙකු ඉදිරියේ දී වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.

Exit mobile version