Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග මුදල් වැඩිකිරීමට තීරණයක්

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග මුදල් වැඩිකිරීමට තීරණයක්

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග මුදල් වැඩිකිරීමට තීරණයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන “තරග මුදල්” වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව 20/20යි තරගයක් සඳහා හෝ එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා එක ක්‍රීඩිකාවකට ගෙවූ ඩොලර් 250 මුදල ඩොලර් 750 දක්වා වැඩිකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

කණ්ඩායමේ සිටින සෑම අතිරේක ක්‍රීඩිකාවක් සඳහාම තරග මුදලින් 25% බැගින් ගෙවයි.

එසේම ජයග්‍රහණය කරනු ලබන සෑම තරගයක් සඳහා ම එක් එක් ක්‍රීඩිකාවකට ඩොලර් 250ක පාරිතෝෂිත දීමනාවක් හිමිවෙයි.

මෙම ගෙවීම් 2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මකය.

Exit mobile version