Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැනඩාවෙන් ඩො.මි 150ක(රු.කෝටි 6000) සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

කැනඩාවෙන් ඩො.මි 150ක(රු.කෝටි 6000) සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

කැනඩාවෙන් ඩො.මි 150ක(රු.කෝටි 6000) සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

ඇමෙරිකා ඩොලර් මිලියන 150ක් හෙවත් රුපියල් කෝටි 6000ක පමණ මහා පරිමාණ ආයෝජනයක් සිදු කර මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට කැනඩාවේ සමාගමක් ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් නිලාවේලිය පිහිටි ඉඩමක එම මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඉදිකෙරෙන අතර ඉකුත්දා ඊට අදාල බලශක්ති බලපත්‍ර අනුමත නිෂ්කාෂණ ලිපිය ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැති උත්සවයකදී අදාල ලිපිය ප්‍රදානය කරළ අතර එම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ කැනඩාවේ සමාගමේ ප්‍රාදේශිය අධ්‍යක්ෂ මොහොමඩ් හුසේන් මහතාද එක්ව සිටියහ.

Exit mobile version