Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්තු මාසයේ නව පාසල් වාරය ආරම්භයට පෙර ගුරු පත්වීම් 34,000ක්

මාර්තු මාසයේ නව පාසල් වාරය ආරම්භයට පෙර ගුරු පත්වීම් 34,000ක්

මාර්තු මාසයේ නව පාසල් වාරය ආරම්භයට පෙර ගුරු පත්වීම් 34,000ක්

ලබන මාර්තු මාසයේ නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර නව උපාධිධාරි ගුරුවරු 26‍,000ක් හා විද්‍යාපීඨ ගුරුවරු 8,000ක් ඉක්මනින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මේ වසර සඳහා උපාධිධාරි ගුරු පත්වීම් 26‍,000 එකවර බඳවා ගැනීම සඳහා අධ්‍යාපන ඇමැති විසින් අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් වූ අමාත්‍ය මණ්ඩල සමාලෝචන කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මේ සඳහා විශේෂ අවසරයක් ලබා ගෙන තිබුණි.

මෙම නව ගුරු පත්වීම් 26,000 සඳහා දැනට රාජ්‍ය සේවයේ සිටිය වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයැදුම් කිරීමට අවස්ථාව සැලසෙන අතර ඒ සඳහා පෙබරවාරි 10 වැනිදා දක්වා අයදුම් කළ හැකිය.

විද්‍යා, ගණිත, මෙන්ම උසස් පෙළ විෂය ධාරා සඳහා මෙම ගුරුවරුන් අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ. විද්‍යා පීඨ ගුරුවරු 8,000 ප්‍රාථමික අංශයේ සිට සාමාන්‍ය පෙළ දක්වා යෙදවෙනු ඇත.

පාසල්වල පැවැති ගුරු හිඟය මෙන්ම වයස 60 සීමාව අනුව එකවර ගුරුවරු 12,000 ක් විශ්‍රාම යාම නිසා ගුරු පුරප්පාඩු රැසක් ඇති විය. මෙම නව උපාධිධාරී ගුරු පත්වීම් 26,000න් 4000ක් ජාතික පාසල් සඳහාත්, ඉතිරි ගුරු පත්වීම් 22,000 පළාත් පාසල් සඳහාත් අනුයුක්ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ඇත. දෙමළ ගුරුවරුන්ගේ අතිරික්තයක් උතුරු නැඟෙනහිර පැවතුණත් බස්නාහිර ඇතුළු අනෙක් පළාත්වල දෙමළ ගුරු හිඟයක් පවතින නිසා එම ගුරුවරුන් පුරප්පාඩු පවතින පාසල්වලට යොමු කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

Exit mobile version