Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරයි

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරයි

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරයි

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතෙහි ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට පරිවර්තනය කර ඇත. ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු නියාමනය කිරීම, ලියාපදිංචි කිරීම, විධිමත් කිරීම හා ප්‍රමිතිකරණය කිරීම මෙම පනතෙහි ප්‍රධාන අරමුණ වේ.

ඉදිකිරීම් සංවර්ධන පණත බලාත්මක කිරීම තුළින් ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට නෛතික පිළිගැනීමක් ලැබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා පසුගිය (27) වෙනිදා මීට අදාළ චක්‍රලේඛයක් මෙරට සියලුම රජයේ අමාත්‍යාංශ සහ පළාත් සභා වෙත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යොමු කර ඇතැයිද කීවේය.

Exit mobile version