Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ඔඩීෂා ප්‍රාන්තයේ, ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ ජන හමුවකට සහභාගිවීමට පැමිණෙද්දී, අමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයට ලක් විය. වෙඩි තැබීම කළේ උප පොලිස් පරීක්ෂකවරයකු යැයි පැවැසෙයි.

අමාත්‍යවරයා සිය ආධාරකරුවන් පිරිවරා ගනිමින්, සිය නිල රථයෙන් බසිනු බලා සිටි පොලිස් නිලධාරියා, අමාත්‍යවරයා අසලට පැමිණ වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ දසුන්ද මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

වෙඩි තැබීම කළ පොලිස් නිලධාරියා මානසික ආබාධයකින් පෙලෙන අයකු බව මූලික පරීක්ෂණවලදී පැහැදිලිව ඇතැයිද පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව පළ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයිද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

Exit mobile version