Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි බිල වැඩිකිරීම හරහා විදුලිබල මණ්ඩලයට පළමු මාස තුනෙන් බිලියන 108ක ආදායමක් – චම්පික රණවක

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා 36ක්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබුණද (27) දිනයේද සුපුරුදු දෛනික විදුලි කප්පාදුව සිදුකර තිබේ.

විභාගය පැවැත්වෙන පෙබරවාරි මස 17 වනදා දක්වා වන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට පසුගියදා බලධාරීන් විසින් මානව හිමිකම් කොමිසම වෙත එකඟතාව පළ කර තිබුණි.

කෙසේවුවද ගතවූ දින දෙක තුළ දෛනික විදුලි කප්පාදුව නියමිත පරිදි සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

පැමිණි එකඟතාවන්ට පටහැනිව කටයුතු කරන්නේ නම් මානව හිමිකම් කොමිෂන් සභාවට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහස කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවට එම කොමිසම විදුලි බල මණ්ඩලය වෙත ඊයේ දිනයේ දැනුම් දීමක්ද සිදුකළේය.

මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත සිය ස්ථාවරය මේ වන විට දැනුම් දී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ (26) දිනයේ සිට ලබන 17වැනිදා දක්වා විදුලි කප්පාදුවට අවසර ලබා නොදෙන බවය.

මේ අතර විභාග සමයේ දි තවදුරටත් විදුලි කප්පාදුව සිදුකිරිම පිළිබද (27) දිනයේදී මානව හිමිකම් කඩවීමේ පෙත්සමක් ගොනුකරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේය.

Exit mobile version