Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කථානායක අත්සනින් නව පනත් දෙකක් බලාත්මක කර ඇත

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක වේ

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක වේ

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.

එම පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර, ඉන් පසුව පැවති ඡන්ද විමසීමේ දී සංශෝධන සහිතව සම්මත විය.

එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතටද කථානායකවරයා අත්සන් තබා ඇති බව සඳහන් වෙයි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත්, 2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශය පනත සහ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වේ.

Exit mobile version