Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක්

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක්

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක්

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25ක් සංවර්ධනය කෙරෙමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආයෝජනයෙන් අදහස් විමසීය.

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර් 41ක දුරක් කුළුණු මත ඉදිවෙන මාර්ගයක් ඔස්සේ මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කිරීමට යෝජනා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදල් වැයකිරීමකින් තොරව ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම් ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ඊට සමගාමීව තෝරාගත් දුම්රිය ස්ථාන 5ක් දුම්රිය ස්ථාන ආශිත නගර ලෙස නවීකරණය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වන බවත් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් ඒ පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු යොමුකර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version