Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිත්තරවටලත් මිල සූත්‍රයක්

බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තරයක නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ලට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) (25) ඉදිරිපත් කරනු ලැබීය.

මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රායෝගික ගැටලු මතුවිය හැකි හෙයින් මිල සූත්‍රය නැවත සලකා බලන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය සුරක්ෂිත කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කරුණු හතරක් සාකච්ඡා කිරීමට අදාළ නිලධාරින් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

රටේ බිත්තර ලක්ෂ 30ක තාවකාලික හිඟයක් පවතින හෙයින් පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගෙන සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළෙඳපොළ සඳහා ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළහ.

මේ අතර පාරිභෝගිකයාට සාධාරණ වන ආකාරයෙන් බිත්තර මිල සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීමට සියලු පාර්ශ්ව උත්සාහ දැරිය යුතු බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

රුපියල් 51 කට මාස එක හමාරක කාලයක් බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන පවත්වා ගෙන යෑමට හැකි නම් ඉදිරියේදී බිත්තර මිල අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදන කර්මාන්තයට අදාළ පාර්ශ්ව දැනුම් දුන් බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කෝප් කමිටුව අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Exit mobile version