Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රියැදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ගැනීමත් online ක්‍රමවේදයට

රියැදුරු බලපත් සඳහා ඡායාරූප ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදයට

රියැදුරු බලපත් සඳහා ඡායාරූප ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදයට

රියැදුරු බලපත් සඳහා ඡායාරූප ගැනීම මාර්ගගත (online) ක්‍රමවේදය යටතේ සිදු කිරීමට ඡායාරූප ශාලාවලට අවසර දී තිබේ.

ජාතික හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත සඳහා අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත (online) ක්‍රමයට ඡායාරූප සැපයීම දිවයින පුරා පවතින අවසර ලත් ඡායාරූප ශාලා මඟින් මේ වන විට සාර්ථකව සිදු කරනු ලබන අතර, රියැදුරු බලපත සඳහා යොදාගන්නා ඡායාරූප සහ වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා යොදාගනු ලබන ඡායාරූපද මේ සාර්ථක ක්‍රමවේදය යටතේම සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් දී තිබේ.

සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජික ඡායාරූප ශාලා 7,000කින් පමණ, උතුරු නැඟෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉහළ ප්‍රමිතියකින් යුතුව වඩාත් කාර්යක්ෂමව මේ ඡායාරූප සේවාව සැපයීමට පහසුකම් පවතින බවද එම සංගමයේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදි.

ඊට අවශ්‍ය අයිකාවෝ මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරීමට වැය වන පිරිවැය සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මඟින් දැරීමට එකඟතාව පළ කර ඇත. එසේම එහි නඩත්තුව සඳහා වාර්ෂිකව බලපත් ගාස්තු ගෙවීමටද ඔවුන් කැමැත්ත පළ කර තිබේ.

සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මේ එකඟතාවන්ට එළඹ තිබේ.

Exit mobile version