Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමෘද්ධිලාභීන්ගෙන් 40% නුසුදුසු පුද්ගලයින්! සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැදුනුම්පත අනිවාර්ය කළ යුතුයි!

සමෘද්ධිලාභීන් ලක්ෂ 3කට වැඩි පිරිසක් වසර 28ක් තිස්සේ දිගටම ආධාර ලබයි

සමෘද්ධිලාභීන් ලක්ෂ 3කට වැඩි පිරිසක් වසර 28ක් තිස්සේ දිගටම ආධාර ලබයි

නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සුබසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදභාවයකින් යුතු නාමලේඛණයක් තවමත් සකස් කිරීමට නොහැකි වී ඇති බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී හෙළි වී ඇත.

සමෘද්ධි ඇතුලු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිධභාවයකින් තොරව එම කටයුතු සිදු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ සදහා වගකීම පැවරී ඇත්තේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත් මෙහිදී හෙළි වී ඇත.

රජයේ මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ලියා පදිංචි අයදුම්කරුවන්ගේ නිවෙස් වෙත ගොස් අයදුම්කරුවන් විසින් සිදු කරන දත්ත ලබාගැනීමේදී පනතේ 21 සහ 22 වගන්ති අනුව ක්ෂේත්‍ර නිලධාරීන්ගේ රැකියා අහිමිවීමට පවා ඉඩ ඇති බවයි.

එකී වගන්තිය සංශෝධනය කරන තෙක් ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වන බව සමෘද්ධි ග්‍රාමනිලධාරින් හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති දන්වා ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කරයි.

සමෘද්ධිලාභීන්ගෙන් සියයට 40 කට ආසන්න සංඛ්‍යාවක් නුසුදුසු පුද්ගලයින් බව ලෝක බැංකු සමීක්ෂණයකදී හෙළි වී ඇති බවට ද මෙම කමිටුවේදී ප්‍රකාශ විය. සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැදුනුම්පත අනිවාර්ය කළ යුතු බවටද කාරක සභාව නිර්දේශයක් ලබා දෙන ලදී.

Exit mobile version