Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතියකින් රු. ලක්ෂ 500ක විශාල පාඩුවක්

මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතියකින් රු. ලක්ෂ 500ක විශාල පාඩුවක්

මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතියකින් රු. ලක්ෂ 500ක විශාල පාඩුවක්

මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිපාලිත සමාගමකට 2019 වර්ෂයේදී දුන් රුපියල් කෝටි 50කට ආසන්න ණය මුදලක් නැවත අයකර ගැනීමට නොහැකිවීමෙන් විශාල පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

වෙළෙඳපොළ ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන් එම මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතියද එය ආරම්භ කළ වර්ෂයේම නතරවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මුහුදු වැලි සෝදා පැකට් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පරිපාලිත සමාගම රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් වැය කර තිබුණු කියති. මේ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් රුපියල් කෝටි 20ක් සියයට 12ක ණයක් ලෙසද රුපියල් කෝටි 11ක් අත්තිකාරමක් ලෙසද ලබා දී තිබූ අතර ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන්ද එම සමාගමෙන් රුපියල් කෝටි 14ට වැඩි මුදලක් සංස්ථාවට අය විය යුතුව තිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.

මේ කිසිදු මුදලක් ගෙවීමට මූල්‍ය ශක්‍යතාවක් ඒ සමාගමට නොතිබූ බව නිරීක්ෂණයවී යැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Exit mobile version