Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

BF7 නම් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත්ම කාර්යක්ෂමව පැතිර යන බවට නීරීක්ෂණයක්

BF7 නම් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත්ම කාර්යක්ෂමව පැතිර යන බවට නීරීක්ෂණයක්

BF7 නම් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත්ම කාර්යක්ෂමව පැතිර යන බවට නීරීක්ෂණයක්

මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමීපව නිරීක්ෂණය කරමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව ප්‍රකාශ කළේ, (04) පැවති මාධ්‍ය හමුවකදීය.

BF7 නම් නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත්ම කාර්යක්ෂමව පැතිර යන බවක් නීරීක්ෂණය වෙමින් පවතින බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, වයස අවුරුදු 20ට වැඩි වර්ධක මාත්‍රාව ලබා නොගත් සෑම අයෙකුම හැකි ඉක්මනින් වර්ධක මාත්‍රාව ලබා ගත යුතු බවය.

එසේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version