Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මූලික අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ඉදිකිරීම් 60% අතරමඟ නැවතිලා

මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ඉදිකිරීම් කටයුතුවලින් 60% අතරමඟ නැවතිලා

මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ඉදිකිරීම් කටයුතුවලින් 60% අතරමඟ නැවතිලා

නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් 60% කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති.

එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩිවීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි වාර්තා වේ.

සමහර නිවාස වලට මූලික පදනම (foundation) දැමීමෙන් නතර වූ අවස්ථා රට පුරා සුලබවම දක්නට ලැබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

Exit mobile version