Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය දේපළ සහ මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරපයි

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරයි

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරයි

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ඇතුළු උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරපා හැරි බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා පැවසීය.

එසේම තල් හකුරු සෑදීමේ උපකරණ මිලදී ගැනීමේදී රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් අවභාවිතා කළ විගණකවරයකුගේ සහ නිෂ්පාදන කළමනාකරුවකුගේ වැඩ තහනම් කර ස්වාධීන විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරයා සහ විගණන නිලධාරියා තල් සංවර්ධන මණ්ඩලයේ වැටුප් ලබන අතරේ විශ්ව විද්‍යාල දෙකකද සේවය කරමින් වැටුප් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී යැයි පතිරාජ මහතා කීවේය.

මණ්ඩලයේ දූෂණ වංචා වසන් කළ විගණක නිලධාරීන් දෙදෙනෙකු මාරු කර යැවූ බව පැවසූ සභාපතිවරයා ඒ වෙනුවට නව නිලධාරීන් දෙදෙනකු පත්කර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ගේද සහය ලබාගෙන අදාල ලියකියවිලි පරීක්ෂාකර දූෂිත නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගත් බවද සඳහන් කළේය.

එසේම නියමිත ක්‍රමවේදයෙන් බැහැරව උසස්වීම් ලැබූ කළමනාකරුවන් අටදෙනාගෙන් ආයතනයට අයවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කළ බවද තල් සංස්ථා සභාපතිවරයා පැවසීය.

විගණන වාර්තා වලින් අනාවරණය කෙරුණු දූෂණ වංචා සහ අක්‍රමිකතා සිද්ධීන් සියයට හැත්තෑවක් සම්බන්ධයෙන් දැනටමත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කෝටි ගණනක වංචා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ක්‍රිෂාන්ත පතිරාජ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version