Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිල කළ නොහැකි භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු සහ සාමිවරයකු අත්අඩංගුවට

මිල කළ නොහැකි භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු සහ සාමිවරයකු අත්අඩංගුවට

මිල කළ නොහැකි භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු සහ සාමිවරයකු අත්අඩංගුවට

ගාල්ල, කච්චුවත්ත, පුරාණ විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබි මිල කළ නොහැකි කතරගම දේවියන්ගේ පිත්තල පිළිමයක්, සරස්වති හා විෂ්ණු දේවියන්ගේ පිළිමයක් ත්‍රිශුලයක්, සලඹ 52ක්, සිනු 32ක් හා පිත්තල පහන් 08ක් සොරකම් කළ පුද්ගලයෙකු සහ මෙකි භාණ්ඩ ළග තබාගෙන සිටි සාමිවරයකු (25) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමන, අංකොක්කාවල,මොරගලකන්දේ පදිංචි 39 හැවිරිදිවියේ පසුවන අයෙකු හා පානදුර ප්රවදේශයේ පදිංචි සාමිවරයෙකි.

මෙකි සැකකරු පුජාවලට සම්බන්ධ වන මුවාවෙන් කච්චුවත්ත විහාරස්ථානයට කිහිප වතාවක් පැමිණ ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. එහිදි මෙම මිල කළ නොහැකි භාණ්ඩ සොරකම් කිරිම සදහා සැලසුම්කොට ඇත. ඉකුත් 19 වැනිදින මෙකි භාණ්ඩවලින් කොටසක් සැකකරු විසින් සොරකම් කරගෙන ගොස් ඇත. අවස්ථා තුනකදි කච්චුවත්ත විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබි මුළුතැන්ගෙයි පුජාව සිදුකරණු ලබන කරගතම දේවියන්ගේ පිත්තලම පිළිමයක්, සරස්වති දෙවියන්ගේ පිළිමයක්, විෂ්ණුදේවියන්ගේ පිළිමයක්, සලඹ 52ක්, සිනු 32ක් හා පිත්තල පහන් 08ක් සොරකම් කරගෙන ගොස් තිබුණි.

පසුව සැකකරු විසින් කතරගම දේවියන්ගේ පිළිම ඇතුළු භාණ්ඩ පානදුර ප්‍රදේශයේ සාමිවරයකු වෙත අලෙවි කිරිම සදහා රැගෙන ගොස් ඇති අතර තමන්ගේ මව නිවසේ කතරගම දේවියන්ගේ දේවාලයක් පවත්වාගෙන ගිය බවත් මව මිය යාමෙන් පසු මෙම පිළිම ඇතුළු භාණ්ඩ තමන්ට ප්‍රයෝජනයක් නොමැති බව ඔහු පවසා ඇති බව පොලිසියි කියයි.

එසේ පවසමින් සාමිවරයාට මෙකි පිළිම ඇතුළු භාණ්ඩ විකුණා රුපියල් දසදහසක මුදලක් ලබාගෙන ඇත. සාමිවරයා විසින් කතරගම දේවියන්ගේ පිළිමය ඇතුළු භාණ්ඩ මිලදි ගැනිමෙන් පසු ඔහුගේ බිරිද අසනිප වු බවද ඔහු පොලිසියට ප්රුකාශකොට ඇත. දින දෙකක් වැනි කෙටිකාලයක් තුලදි මිලකළ නොහැකි මෙම පිලිම ඇතුළු භාණ්ඩ සොයාගැනිමට හැකිවු බව පොලිසිය පවසයි. සොරකම් කරණු ලැබු භාණ්ඩ මිලදි ගැනිමේ චෝදනාව මත සාමිවරයා අත්අඩංගුවට ගෙන ඇත. විහාරස්ථානයේ ඇති සි.සි.ටි.වි කැමරා වල තිබු දර්ශන ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.

Exit mobile version