Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කෝටි 9ක කෘෂි උපකරණ 13,650ක් අවශ්‍යතාවයට වැඩියෙන් මිලදී ගැන

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය රුපියල් නව කෝටියකට වැඩි වටිනා උදලු, අලවංගු, වතුර මෝටර්, දියර ඉසින යන්ත්‍ර යනාදී කෘෂි උපකරණ 13,650ක් අවශ්‍යතාවයට වැඩියෙන් මිලදී ගැනීම නිසා ඒවා ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල කිසිදු වැඩකට යොදා නොගෙන (2020 තෙක්) ගබඩා කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි.

මෙම උපකරණ බෙදා හැරීමට නිශ්චිත ක්‍රම වේදයක්ද ඒ ආයතනය සතුව නොපැවතුණු බව එම වාර්තාවේ දැක්වේ.

කුඩා තේ ඉඩම් වල නිවැරදි කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය කෘෂි උපකරණ කුඩා තේ වතු හිමියන්ට බෙදාදීම සඳහා 2018 අයවැය යෝජනා අනුව රුපියල් කෝටි විසි පහකට වැඩි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණු අතර මෙම උපකරණ ලබා ගෙන ඇත්තේ එම මුදල්වලින් යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය බිම් සැකසීම සඳහා 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා හෙක්ටයාර් 7077 කට සහනාධාර මුදල් ගෙවා තිබුණද නැවත වගාව කර ඇත්තේ හෙක්ටයාර් 5244ක පමණක් බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එසේම තේ කම්හල් හතරකට වර්ණ විභේදන යන්ත්‍ර ලබා ගැනීම සඳහා ලබාදී තිබූ හැට ලක්ෂයකට ආසන්න වටිනා ණය මුදලක් 2020 වර්ෂය තෙක්ම අය කරගෙන නොතිබූ බව විගණන කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Exit mobile version