Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිළ රුපියල් 10 කින් පහළට

කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිළ රුපියල් 10 කින් පහළට

කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිළ රුපියල් 10 කින් පහළට

(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිළ රුපියල් 10 කින් පහත දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, තිරිඟු පිටි මිල අඩුවීමත් සමග එම තීරණය ගත් බවයි.

පසුගිය කාලය තුළ වෙළඳපොළේ පාන් පිටි කිලෝ එකක් රුපියල් 450කට පමණ අලෙවි වූ අතර මේ වනවිට පාන්පිටි කිලෝවක මිල රුපියල් 250 දක්වා අඩු වීමේ සහනය පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදු කෙරෙන බවත්, සෑම ආපන ශාලාවකම මිල දර්ශනය ප්‍රදර්ශනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙසද අසේල සම්පත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Exit mobile version