Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසුගිය වර්ෂ 4දී රත්මලාන, යාපනය සහ මඩකළපුව ගුවන්තොටුපොළවල පාඩුව කෝටි 200ට වැඩියි

පසුගිය වර්ෂ 4දී රත්මලාන, යාපනය සහ මඩකළපුව ගුවන්තොටුපොළවල පාඩුව කෝටි 200ට වැඩියි

පසුගිය වර්ෂ 4දී රත්මලාන, යාපනය සහ මඩකළපුව ගුවන්තොටුපොළවල පාඩුව කෝටි 200ට වැඩියි

රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ.

කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අඛණ්ඩව අලාභ ලබා ඇති අතර එම ගුවන් තොටුපොළ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 169කට අධික බව ඒ වාර්තාවේ දැක්වේ.

රත්මලාන ගුවන් තොටුපොළ පසුගිය වර්ෂයේ දී පමණක් ලැබූ අලාභය රුපියල් කෝටි 46කට අධික බව පෙන්වා දෙන වාර්තාව ගුවන් යානා සංචලන සංඛ්‍යාව 2020 සහ 2021 වර්ෂවලදී වසරකට දහතුනක් බවද සඳහන් කළේය.

එසේම මගී සංචලනයන් පිළිවෙළින් 60 සහ 28ක් ලෙස පැවතුණු බවද විගණන වාර්තාවේ දැක්වේ.

Exit mobile version