Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්බීම තහනම් – නවසීලන්තය දැඩි නීතියක් සම්මත කරයි

දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්

දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක්

අනාගත පරපුර නිරෝගිමත් කිරීමේ අරමුණෙන් දුම්වැටි තහනම් කරමින් නවසීලන්තය නව නීතියක් සම්පාදනය කර ඇත.

2009 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු උපන් සියලු දෙනාට දුම්බීම තහනම් කරමින් සකස් කළ මෙම නව නීති පනත් කෙටුම්පතට නවසීලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත.

ඒ සමඟම දුම් වැටි සම්බන්ධයෙන්, දැඩි නීතියක් සම්මත කරන පළමු රට බවට නවසීලන්තයයි. නවසීලන්තයේ දුම්පානය කිරීමේ අනුපාතය මේ වන විටත් අවම මට්ටමක පවතිනවා. පසුගිය වසරේ නවසීලන්තයේ ජනගහනයෙන් දුම් පානය කළ පිරිස 9.4%ක් ලෙස පැවතුන ද, එය පසුගිය මාසයේ සියයට 8%ක් දක්වා අඩුවී ඇත.

නව පනත් කෙටුම්පත තුළින් 2025 වසර වනවිට නවසීලන්තයේ දුම් පානය 5%ක් දක්වා අඩු කිරීම අපේක්ෂාවයි. කෙසේ වුවද නවසීලන්තය දුම්වැටිවලින් තොර රටක් බවට පත් කිරීම එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන්ගේ රජයේ අරමුණයි.

Exit mobile version