Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් පොලිස් විශේෂ කාර්ය බළකා අත් අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් පොලිස් විශේෂ කාර්ය බළකා අත් අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් පොලිස් විශේෂ කාර්ය බළකා අත් අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් අත් අඩංගුවට ගත් බව ගම්පොල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිහු පවසති.

ගම්පොල විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගම්පොල ප්‍රාදේශීය කාර්‍යාලයේ සහකාර කොමසාරිස් එස්. කේ. ටි. පි. සිරිවර්ධන මහතා එම කසල තේ ගබඩාව ලියාපදිංචි නොකල ආයතනයක් බවත් එම තේ මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන වග රසායනාගාර පරීක්ෂණයක් කරන බවද සදහන් කළේය.

Exit mobile version