Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ෆැසෙට්ස් ශ්‍රී ලංකා” ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශනය ලබන ජනවාරි මාසයේදී

මැණික් ගල් 15කට රු. 28,750,000ක මුදල් වංචා කළ 06ක් CID අත්අඩංගුවට

මැණික් ගල් 15කට රු. 28,750,000ක මුදල් වංචා කළ 06ක් CID අත්අඩංගුවට

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස නම් කළ හැකි ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන ජනවාරි 7වැනිදා සිට 9වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ. මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරීත්වයෙන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍රර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සහයෝගය පළ කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමේ වැඩපිළිවෙල සඳහා ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය වැදගත්වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මැණික් සඳහා තිබෙන ඉල්ලුම මෙන්ම දිනාගෙන තිබෙන ජනප්‍රිය භාවය තව දුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණක් බවද ඔහු සඳහන් කරයි.

Exit mobile version