Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්අඩංගුවට ගන්න හෙරොයින් “පාන් පිටි” බවට පත්වී නැවතත් ජනතාව අතට පත්වනවා – විජයදාස රාජපක්ෂ

වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට තවත් පිරිසක් - විජයදාස රාජපක්ෂ

වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට තවත් පිරිසක් - විජයදාස රාජපක්ෂ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් “පාන් පිටි” බවට පත්වී බොහෝ අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදීම නැවතත් ජනතාව අතට පත්වන ප්‍රවණතාවක් පවතින බවට, අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, (05)වැනි දා පැවති බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා විවාදයේ දී ප්‍රකාශකර ඇත.

හෙරොයින් අත්අඩංගුවට ගන්නා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින්ම ඒවා නැවතත් ජනතාව අතරට යවනු ලබන තත්වයක්ද පසුගිය කාලයේදී දක්නට ලැබුණු බවත් එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් හෙතෙම සඳහන් කළේය.

 

Exit mobile version