Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙසැම්බර් 15වෙන් පසු සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

2022 නව වසරේදී ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්තයන් 20 අතරට ශ්‍රී ලංකාවත්

2022 නව වසරේදී ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්තයන් 20 අතරට ශ්‍රී ලංකාවත්

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන බවත් දකුණු සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 1වැනිදා සිට අත්හිටුවන බවත් අමාත්‍යවරයා කීය.

Exit mobile version