Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කරන්න – හර්ෂ

කැසිනෝ ශාලාවක් වටලයි; රු. ලක්ෂ 25ක තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් සොයාගනී

කැසිනෝ ශාලාවක් වටලයි; රු. ලක්ෂ 25ක තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් සොයාගනී

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළයුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු මේ බව පැවසුවේ (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාව මේ අවස්ථාවේදී අනුමැතිය දුන්නේ නෑ. ප්‍රධාන හේතුව තමයි, පළමු පාරට තමයි කැසිනෝවලට බලපත්‍ර දෙන්න, නියාමනය කරන්න මේ පනත ගෙන එන්නේ. ලෝකයේ සාමාන්‍යයෙන් කැසිනෝ බලපත්‍ර දෙනකොට නියාමන අධිකාරියක් තිබෙනවා.”

මෙම පනත හරහා අමාත්‍යවරයාට ඒ සඳහා බලය ලබා දී ඇති බවත් ඒ හේතුවෙන් අදාළ නියාමන ආයතනය අවම වශයෙන් ගෙන එන්නේ කවදා ද? යන්න දළ වශයෙන් හෝ කමිටුවට දැන්වීම වැදගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version