Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 9ට ස්වාධීන පොලිස් කොමිසමට පැමිණිලි 1100ක් ලැබිලා

ස්වාධීන පොලිස් කොමිසමට මාස 9ට පැමිණිලි 1100ක් ලැබිලා

ස්වාධීන පොලිස් කොමිසමට මාස 9ට පැමිණිලි 1100ක් ලැබිලා

ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 9ට පැමිණිලි 1100ක් ලැබී ඇති බව වාර්තා වේ.

පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහී ලෙස විසදුම් ලබා දීම, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, පහරදීම්, වද හිංසා, කාන්තාවන්ට හිරිහැර කිරීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බොරු චෝදනා කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අලුතෙන් ස්වාධීන පොලිස් කොමිසම සඳහා සභිකයන් පත් කරන තුරු දැනට පවතින කොමිසම මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකරන බවද සඳහන් වේ.

Exit mobile version