Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට විත්තිකරුවන් 8කට සමුද්‍ර දුෂණ පනත යටතේ අධි චෝදනා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට විත්තිකරුවන් 8කට සමුද්‍ර දුෂණ පනත යටතේ අධි චෝදනා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට විත්තිකරුවන් 8කට සමුද්‍ර දුෂණ පනත යටතේ අධි චෝදනා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වී මුහුදු බත්වීම හේතුවෙන් පවරා ඇති නඩුවට අදාළව සමුද්‍ර පරිසරයට හානි සිදු වූවා යැයි චෝදනා කරමින් අධි චෝදනා අටක් යටතේ විත්තිකරුවන් අට දෙනෙකුට අධි චෝදනා භාර දී තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක් ඇතුළුව කන්ටේනර් 186ක් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය වසරේ මැයි 20වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වී මුහුදු බත් වුණා.

ඒ අනුව සමුද්‍ර පරිසරයට සිදු වූ හානිය හේතුවෙන් එම නෞකාවේ කපිතාන්වරයා, එම නැව් සමාගම හිමි මෙරට දේශීය නියෝජිතවරයා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී (26) අධිචෝදනා භාරදීම සිදු කරනු ලැබුවා.

සමුද්‍ර දුෂණ පනත යටතේ ගැනෙන වැරදි සිදු වූවා යැයි චෝදනා කරමින් අධි චෝදනා අටක් යටතේ එම විත්තිකරුවන් පස් දෙනා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබෙනවා.

(25) දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස් දෙනාට අමතරව අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් තිදෙනාට ලබන 12වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස් දෙනාට විදේශ ගතවීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර, ඔවුන්ව රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

එසේම විත්තිකරුවන් සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට නියෝග කෙරුණා.

Exit mobile version