Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව “ස්වභාව ධර්මය සඳහා වූ ණය” සංකල්පය යටතේ ඇ.ඩොලර් බිලියනයක් ලබා ගැනීමට සාකච්ඡා

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව “ස්වභාව ධර්මය සඳහා වූ ණය” සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවල මුල් අදියරේ සිටින අතර ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්මට විනාශයට පත් වෙමින් තිබෙන පරිසර පද්ධතියක් සංරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනුමත කර ගන්නා ණය මුදලෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරගැනීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

“ස්වභාව ධර්මය සඳහා වූ ණය” සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ණය මුදලක් කපාහැර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුනත් ස්ථිර වශයෙන් ඇමෙරිකානු බිලියන 1 මුදලක් ලබා ගත හැකි වේදැයි තහවුරු කිරීමට මෙම අවස්ථාවේ අපහසු බව එම ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

“ස්වභාව ධර්මය සඳහා වූ ණය” සංකල්පය යනු විනාශයට පත් වෙමින් පවතින පරිසර පද්ධතියක් සරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා ණය ලබා ගැනීමයි.විදේශ මුදල් ණය ලෙස ලබා ගනිමින් එම මුදල දේශීය මුදල් බවට හුවමාරු කරමින් එම මුදල සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමයි.

Exit mobile version