Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ නෙළුම් කුලුණ සමාගමට බිලියනයක ආයෝජනයක්

කොළඹ නෙළුම් කුලුණ සමාගමට බිලියනයක ආයෝජනයක්

කොළඹ නෙළුම් කුලුණ සමාගමට බිලියනයක ආයෝජනයක්

සිංගප්පූරුවේ Kreate Design Pte Limited සහ කොළඹ නෙළුම් කුලුණ සමාගම අතර ආයෝජන ගිවිසුමකට (18) දින අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුමට අනුව මීළඟ මාස 06 ක කාලපරිච්ඡේදය තුළ ජල ක්‍රීඩා ද ඇතුළත් අංගසම්පූර්ණ විනෝදාස්වාද කලාපයක් නෙළුම් කුලුන පරිශ්‍රය තුල ස්ථාපිත කෙරෙනු ඇත.

මෙම මුලපිරීමත් සමඟම කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රය ආයෝජන, වෙළෙඳ සහ සංචාරක ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

“නෙළුම් කුලුනේ අපි අද මේ ගෙනල්ලා තියෙන ආයෝජනය ලංකාවට දැනට ඇවිත් තියෙන විශාලම ආයෝජනය බවට පත්වෙනවා. මෙය ඊළඟ වසර 2-3 ඇතුළත ඩොලර් බිලියනයක ආයෝජනයක්. ඊටත් එහා ගිය ඩොලර් බිලියන ගණනක් අපිට මේ තුළින් ගේන්න පුළුවන්“, යැයි මෙම අවස්ථාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Exit mobile version