Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධි සුඛෝපභෝගී මහල් නිවාස මිල දී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා

වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත. මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි.
සහාධිපත්‍ය නිවස්න ඒකක (සුඛොපභොගි මහල් නිවාස) ඉදි කරන්නන් හා එම නිවාස මිලදී ගන්නන් විසින් දීර්ඝ කාලයක් සිට රජයෙන් හා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව දීර්ඝ කාලීන විසා බල පත්‍ර ලබා දීමේ මෙම වැඩ පිළිවල ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබි ඇත.

දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීම තුලින්, අධි සුඛොපභොගි මහල් නිවාස සංවර්ධන ආයෝජකයින් හා එම නිවාස මිලදි ගන්නා විදේශිකයන් දිරිමත් කිරිම මෙන්ම, වැඩි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ගලා ඒම අපේක්ෂිතයි. නව වැඩපිළිවෙල යටතේ වසර 5කට සහ 10කට යන කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර නිකුත් කරයි. වසර 10ක වීසා බලපත්‍ර හිමිකම් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක ආයෝජනකයකින් නාගරික ප්‍රදේශයක සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා හිමිකරුවන්ටය.

වසර 5ක විසා බලපත්‍ර හිමිවනුයේ නාගරික ප්‍රදේශයක ඇ.ඩො 1,50,000ක වටිනාකමින් යුතු නිවාස මිලදී ගන්නා අයටය. එමෙන්ම වසර 5ක බලපත්‍රය ඇ.ඩො ලක්ෂ 5කට වටිනාකම්න් යුතු නිවාස ඒකක මිලදී ගන්නා සමාගම්වල උපරිමය අධ්‍යක්ෂවරු 4 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට හිමිවේ.

Exit mobile version