Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සේවක අර්ථසාධක අරමුදල් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන ගණනින් පාඩු

සේවක අර්ථසාධක අරමුදල් ඇතැම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන ගණනින් පාඩු සිදුව ඇති බව නවතම විගණන වාර්තාවකින් පෙන්වා දෙනවා. ඇතැම් ව්‍යාපෘතිවලින් කිසිදු ලාභයක් උපයා නැති බව විගණකාධිපති වාර්තාව සදහන් කරනවා.

ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ව්‍යාපෘතිය සදහා මෙසේ රුපියල් මිලියන පන්දහසක් වැයකර තිබෙනවා. එහෙත් මේ දක්වා එම ව්‍යාපෘතියෙන් කිසිදු ලාභයක් උපයා නැති බවයි විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන්නේ.

විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවකට අනුව මෙසේ ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීමෙන් සිදුවූ අලාභයන් පිළිබද කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. ද ෆිනෑන්න්ස් සමාගමේ බලපත්‍රය පසුගිය දෙසැම්බර් 31 වනදා වනවිට අවලංගු වීම හේතුවෙන් එහි ආයෝජනය කළ රුපියල් මිලියන 205 කට අධික මුදලක් අහිමි වුණා. ලයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනයෙන් රුපියල් මිලියන පන්දහසක් අහිමි වුණා.

Exit mobile version