ගල් අඟුරු මිලදීගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ප්‍රධානින්ට නියෝග කළේය.
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා (2022 – 2025 අතර කාල පරිච්චේදයට අදාළව) ගල් අගුරු මිලදීගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසද දැනුම් දුන්නේය.
ගල් අඟුරු මිලදීගැනීමට ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ පැවති සුවිශේෂී තත්වයන් පිළිබඳව කෝප් කම්ටුව සාකච්ඡා කළේය.
විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වාදී ඇති ප්‍රසම්පාදන දුර්වලතාවන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර මෙම සාකච්ඡා කළ කරුණු පිළිබඳ පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරු එකගත්වය පළ කළහ.