Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු සැකකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ජනතාව මුළා කිරීමක් – මැල්කම් කාදිනල් රංජිත් හිමි

වහාම ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමි

වහාම ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස් නීතිපතිවරයාගේ නිර්දේශ මත නි‍ෙදාස් කොට නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ජනතාව මුළා කරන නාටකයක් යැයිද ජනාධිපති කොමිසමේ නිර්දේශ නොතකා දේශපාලන න්‍යාය පත්‍ර අනුව රජය ක්‍රියා කිරීම තරයේ හෙළා දකින්නේ යැයිද සඳහන් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ප්‍රහාරයට වගකිව යුත්තන් ලෙස ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශවල සඳහන් පුද්ගලයන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක නොකිරීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් යැයිද උන්වහන්සේ පවසති.

සමාජ ක්‍රියාකාරීන් හා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් අපේක්‍ෂා කරන ආත්ම ගෞරවය හා නිදහස වෙනුවෙන් මැදිහත් වී රට මේ තත්ත්වයට ඇද දැමූ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පිළිගත් නීති හා ප්‍රඥප්තීන්ට අනුව කටයුතු කිරීම දිරිගන්වමින් රටේ යුක්තිය හා නිදහස ස්ථාපිත කිරීමට ක්‍රියාකාරී වන්නැයි කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන්ද ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

ජනපති කොමිසමේ නිර්දේශවලට පදනම් වූ සාක්ෂි වෙළුම් ජනතාවට ලබා නොදී සඟවා තබා ගැනීම හා සත්‍ය වසන් කිරීමට රජයේ බලධාරීන් කටයුතු කිරීම් මෙම කූට ප්‍රයත්නයේ තවත් පියවරක් යැයිද එහි සඳහන් වේ.

එම නිසා ජනපති විමර්ශන කොමිසමේ සාක්ෂි සහිත වෙළුම් ජනතා දැනගැනීම සඳහා නිදහස් කරන ලෙසත් මෙම කෲර මිනීමැරීම් පිටුපස ඇති බලවේග සාධාරණ හා විනිවිදභාවයෙන් යුතුව සොයා අප්‍රමාදීව කටයුතු කරන ලෙසත් රජයට හා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවත් එහි දැක්වේ. එමෙන්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති ප්‍රකාශනයේ, භාෂණයේ හා සාමකාමී විරෝධතා දැක්වීමේ නිදහස රජය උල්ලංඝණය කරමින් සිටින බවටද කාදිනල් හිමියෝ සිය නිවේදනයෙන් චෝදනා කර සිටිති.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග යටතේ චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව දින 75ක් තිස්සේ අසාධාරණ ලෙස රඳවා තබා ගැනීම කිසිදු ලෙසකින් පිළිගත නොහැකියි යැයිද කාදිනල් හිමියෝ සිය නිවේදනයෙන් තවදුරටත් සඳහන් කර සිටිති.

Exit mobile version