ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතිඥ නිරෝෂන පෙරේරා සහ නීතිඥ අසේල රැකව යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයින් වේ. එම කමිටුව විසින් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් එල්ලවී ඇති විවිධ චෝදනා සම්බන්ධයෙන් විමසා බැලීම සිදුකරනු ඇත.
අදාළ කමිටුව විසින් එම සිද්ධීන්ට අදාළව සිදුකරනු ලබන විමර්ශනයේදී ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

