Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ලොව ප්‍රථම සායනික පරීක්ෂණයක්

පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ඇත. රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ රතු රුධිර සෛල පුද්ගලයෙකුට පාරවිලයනය ලොව ප්‍රථම සායනික පරීක්ෂණය ලෙස මෙය ඉතිහාස ගත වන බව පර්යේෂකයෝ පවසති.

ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත්, නිපදවන ලද රුධිර සෛල, රුධිර සංකුලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී විප්ලවයක් සිදු කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මක්නිසාද යත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට ගැලපෙන රුධිරය සොයා ගැනීම ඉතාමත් අපහසු කරුණකි.

අපගේ රසායනාගාරය තුළ නිපදවූ රතු රුධිරාණු සෛල පරිත්‍යාගශිලියකු ලබා දෙන රුධිර සෛල වලට වඩා කල් පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් සායනික පරීක්ෂණ සාර්ථක වුවහොත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට සිදු කළ යුතු පාරවිලයන සංඛ්‍යාව අවම කිරීමට හැකිවනු ඇති බවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පැවසුවේය.

Exit mobile version