Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හබරන අලි ඇතුන් 7 දෙනෙකු අභිරහස් ලෙස මියයාමට අදාළ රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි

හබරන අලි ඇතුන් 7 දෙනෙකු අභිරහස් ලෙස මියයාමට අදාළ රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි

හබරන අලි ඇතුන් 7 දෙනෙකු අභිරහස් ලෙස මියයාමට අදාළ රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි

2019 වසරේ හබරන ප්‍රදේශයේදී අලි ඇතුන් හත් දෙනෙකු අභිරහස් ලෙස මියයාමට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට කල් ලබා දුන්නා. ඒ අභියාචනාධිකරණය මඟිනුයි.

මෙම අලි ඇතුන්ගේ මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය රිට් පෙත්සම ගොනු කර තිබුණා.

එය කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. ඔහු කියා සිටියේ අලි ඇතුන්ගේ මරණවලට අදාළ රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කිරිමට සති දෙකක කාලයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ අදාළ රස පරීක්ෂක වාර්තාව ගොනු කරන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළා. මෙම නඩුව ලබන 14 වනදා යළි කැඳවිමට නියමිතයි.

Exit mobile version