Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රසීලයේ ජනපති තරඟයෙන් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට ජය

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික පාලනය පරාජයය කරමින් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මීළඟ ජනාධිපතිවරයා වේ

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික පාලනය පරාජයය කරමින් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මීළඟ ජනාධිපතිවරයා වේ

බ්‍රසීලයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා තේරී පත්ව තිබේ.

ඒ අනුව බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ අන්ත දක්ෂිණාංශික පාලනය පරාජයය කරමින් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සියයට 99ක් පමණ අවසන් වී ඇති අතර එම ප්‍රතිඵල අනුව ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සියයට 50.88ක ජන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

වත්මන් ජනාධිපති ජායිර් බොල්සොනාරෝට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 49.12% බව සඳහන්ය.

ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන බ්‍රසීලයේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් මිලියන 156ක් පමණ සුදුසුකම් ලබා තිබු බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Exit mobile version