Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තාවකාලික රියදුරු බලපත්‍රවලට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දෙයි

රියදුරු බලපත්‍ර ලක්ෂ 5ක් ගොඩ ගැහිලා

රියදුරු බලපත්‍ර ලක්ෂ 5ක් ගොඩ ගැහිලා

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බවට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි.

කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 06ක පමණ රියදුරු බලපත්‍ර තාවකාලිකව නිකුත් කර ඇත

කෙසේවුවද අදාළ කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ගෙන්වීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත අදාළ කාඩ්පත් තොගය මෙරටට ලැබීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේය.

Exit mobile version