Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තරුණ ප්‍රජාව අතර HIV AIDS ඇතුලු ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැඩි වෙයි

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

මෙරට තරුණ ප්‍රජාව අතර එච් අයි වී ඒඩ්ස් ඇතුලු ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එච් අයි වී ඒඩ්ස් ඇතුලු ලිංගාශ්‍රිත රෝගීන් අඩුම වාර්ථාකරණයක් සහිත රටක් ලෙසයි ශ්‍රී ලංකාව සැලකුණේ. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ තරුණ පිරිස අතර මේ වන විට මෙම රෝග වැඩි වශයෙන් පැතිර ගොස් ඇති බවයි. තරුණියන්ට සාපේක්ෂව තරුණයන් මේ සඳහා වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව එම වාර්ථා සඳහන් කරනවා. විශ්ව විද්‍යාල පමණක් නොව පාසල් සිසුන් ද ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු විමේ වැඩි ඉඩ කඩක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. සම්බාහන මධ්‍යස්ථාවලට හා මාර්ගගත කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම මෙම සිඝ්‍ර වර්ධනයට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. වේගයෙන් අසාදිතයන් බවට පත් වන්නේ වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ ප්‍රජාව බවට හඳුනාගෙන තිබෙනවා.

කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වලින් මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්ථාවන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒඩ්ස් මර්ධන වැඩසටහනක කර ඇති සමීක්ෂණයකට අනුවයි මෙම තොරතුරු හෙළි වී ඇත්තේ.

Exit mobile version