Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ සමාගම ලෝක බැංකු ණය මුදලින් තවත් රු. කෝටි 750ක් භාණ්ඩාගාරයට ගෙවයි

ලිට්‍රෝ සමාගමෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි

ලිට්‍රෝ සමාගමෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි

ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70ක(රුපියල් කෝටි 2600) ණය මුදලින් තවත් රුපියල් කෝටි 750ක් භාණ්ඩාගාරයට ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලිට්‍රෝ සමාගම පසුගිය සැප්තැම්බර් මස රුපියල් කෝටි 650ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සමාගම රුපියල් කෝටි 1,400ක මුදලක් මේ වන විට ගෙවා ඇති බවත් මුදිත පීරිස් මහතා කීය.

රුපියල් කෝටි 2600ක සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩි දුරටත් කීය.

මේ අතර ලිට්‍රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා (24) පැවසීය.

ගෑස් මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන දින සෑම මසකම 5වැනිදා බව කී කේතේෂ්වරම් මහතා එදින මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බවද සඳහන් කළේය.

Exit mobile version