Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව ගල් අඟුරු ප්‍රසම්පාදනයට ටෙන්ඩර් කැඳවයි

2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වන විට විශාල විදුලි කප්පාදුවක්?

2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වන විට විශාල විදුලි කප්පාදුවක්?

ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කල හැකි ඕනෑම පාර්ශවයකට සහභාගි විය හැකි බවය.

අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කල හැකි විය යුතු බවද අමාත්‍යවරයා නිකුත් කළ ටව්ටර් පණිවිඩයේ සඳහන් වේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා දීර්ඝ කාලින ටෙන්ඩරය එළඹෙන සතියේදී නිකුත් කරනු ලබන බවය.

Exit mobile version