Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන ගැටලු කඩිනමින් විසඳීමට; දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීමට නව ඒකකයක්

අමාත්‍යාංශ ලේකම්වරුන් 10ක් සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් 2ක් පත්කරයි

අමාත්‍යාංශ ලේකම්වරුන් 10ක් සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් 2ක් පත්කරයි

මාධ්‍යයේ පළවන ජනතා ගැටලුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන බැවින් එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා මෙන්ම දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ (28) ස්ථාපිත කර තිබෙනවා.

අදට යෙදී ඇති තොරතුරු දැන ගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීවයි එය ස්ථාපිත කර ඇත්තේ.

එහිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘‘ප්‍රතිචාර” නමැති නව වෙබ් පිටුව (pmd.gov.lk/counter-disinformation-unit) ද ජනගත කිරීම සිදු කළා.

මාධ්‍යයේ පළවන ජනතා ගැටලුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන අතර, එම පුවත් සත්‍යාපනය කර රජයේ අදාළ බලධාරියා වෙත සෘජුවම යොමු කොට ජනතා ගැටලු කඩිනමින් විසඳීම (28) ස්ථාපිත කළ නව ඒකකයේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම සැබෑ ජනතා ගැටලු යටපත් වී චේතනාන්විත දුස් තොරතුරුවලට වැඩි ඉඩක් ලැබි ඇති බව පසුගිය දින කිහිපය තුළ නිරික්ෂණයවී ඇති බැවින් ඒ අනුව එම චේතනාන්විත දුස් තොරතුරු හදුනාගෙන සත්‍ය‍ය ජනගත කිරීමත් මෙම නව ඒකකය මගින් සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.

Exit mobile version