Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඖෂධයක් මිලදි ගැනීමට “මෙඩි සර්ච්” නමින් ජංගම දුරකතන යෙදවුමක්

ඖෂධ වර්ග 350ක මිල අඩු කරයි

ඖෂධ වර්ග 350ක මිල අඩු කරයි

කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත.

එම නව ජංගම දුරකතන යෙදුම “මෙඩි සර්ච්” නමින් නම්කර තිබෙන අතර පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් නොමිලයේ එමගින් තොරතුරු ලබාගත හැකි වීම විශේෂයකි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟව තිබෙන අතර ඒවා සෑම ඔසුසලකම නොමැති වීමෙන් පාරිභෝගිකයන්ට ඖෂධ මිලදී ගැනීමට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.

Exit mobile version