Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව බාල්දුම මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියලට 3වෙනි ස්ථානය – ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණිගත කිරීම

වසරේ ගත වු කාලය තුළ රුපියල 8.4%කින් වර්ධනය වේ

වසරේ ගත වු කාලය තුළ රුපියල 8.4%කින් වර්ධනය වේ

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී ඇත.

ඒ අනුව ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා පෙන්වා දෙයි.

එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා.

ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුල සිම්බාබ්වේ භාවිතා කරන ආර්.ටී.ජී ඩොලරයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 73.33 අවප්‍රමාණය වී ඇති අතර කියබානු පෙසෝ මුදල් එක්කයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 57.65 කින් අවප්‍රමාණය වී ඇත.

Exit mobile version