Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිරෝද රථ ලියාපදිංචිය අවමයටම බසී

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

මෙම වසරේ පළමු මාස අට තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි වී ඇත්තේ 19ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

එම මාස අටක කාලය තුළ වෙනත් වර්ගවල වාහන 15,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියයි.

ත්‍රීරෝද රථ 2,093ක් පසුගිය 2021 වසරේද, ත්‍රීරෝද රථ 7,150ක් 2020 වසරේද, ත්‍රීරෝද රථ 15,490ක් 2019 වසරේද, රට තුළ අතිශයින්ම සාමාන්‍ය වසරක් වූ 2018 වසරේ ත්‍රීරෝද රථ 20,063ක්ද, ලියාපදිංචි කර තිබූ බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2011 වසරේ සිට 2020 වසර දක්වා වසරක නව ත්‍රීරෝද රථ ලියාපදිංචිය කිරීමේ සාමාන්‍ය 50,000ක් ඉක්මවන බවත් වීරසිංහ මහතා කීය.

2011 වසර තුළ ලියාදිංචි කර තිබූ නව ත්‍රීරෝද රථ 138,426 වසරක් තුළ ඉහළම ත්‍රීරෝද රථ ලියාපදිංචි මෙන්ම 2015 වසරේ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ 129,547ට දෙවැනි ස්ථානය හිමිව ඇති බව කී නිශාන්ත වීරසිංහ මහතා වාහන ආනයනය දැඩිව සීමාකිරීම හේතුවෙන් නව ලියාපදිංචි අවම වී ඇතැයිද සඳහන් කළේය.

රට තුළ මේ වන විට ලියාපදිංචි ත්‍රීරෝද රථ 1,184,339ක් ඇති අතර ලියාපදිංචි යතුරුපැදි 4,833,928ක් තිබේ යැයි මොරටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි. මෙම වසරේ අවසන් මාස අට තුළ යතුරුපැදි 6,209ක් ලියාපදිංචි කර ඇති අතර කාර් රථ 964ක් පමණක් ලියාපදිංචි කර තිබේ.

Exit mobile version